ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට...

අප්‍රේ 02, 2022

    ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට ආනයනය කෙරෙනවා.

    ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාවට සහල් සැපයුම සඳහා ගිවිසුම්ගතව ඇත්තේ, "පට්ටාබ් ඇග්රෝ ෆුඩ්ස්" ආයතනයයි. එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ බී.වී. ක්‍රිෂ්ණාරාඕ මහතා ප්‍රකාශ කළේ, ඉන්දියාවේ දකුණු වරාය සිට සහල් කන්ටේනර් වෙත පැටවීම ආරම්භ කර ඇති බවයි. ඇසුරුම් අවසන් කිරීමෙන් පසුව දින කිහිපයකින් එම නෞකා වරායෙන් පිටත්ව ශ්‍රී ලංකාවට ලඟවනු ඇති බවයි.

    ආසියානු යටිතල පහසුකම් බැංකුවේ සභාපති ජින් ලීකුන් සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය, පාලිත කොහොන මහතා අතර පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් ලබාගන්නා ලෙස ජින් ලීකුන් මහතා ප්‍රකාශ කළ බව, මෙරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා. 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබැගනීමේ ඉලක්කය වෙනුවෙන්වන ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සූදානමින් සිටින බවද, එහි සභාපතිවරයා සාකච්චාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි, විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News