අද සහ හෙට ඩීසල් පෝලිම්වල ඉන්න එපා - ලංකා ඛනිජ තෙල් සංස්ථාව

මාර් 30, 2022

    අද සහ හෙට (30 -31) දිනයන්හිදී ඩිසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසලට ඒකරාශී නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි.

    ඩිසල් මෙට්ට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණත් එය ගොඩබෑමට සැලසුම් කර තිබු ආකාරයෙන් නොහැකිවූ බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

    අත්‍යවශ්‍ය සේවා සපයන වාහන සඳහා අඛන්ඩව ඩිසල් සැපයීම සිදුකරනු ලබන බවත්, කිසිඳු හිගයකින් තොරව පෙට්‍රල් ලබාදීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    එමෙන්ම පෙට්ට්‍රල් සැපයීම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News