අද පැය 10ක විදුලි කප්පාදුවක්

මාර් 30, 2022

    අද උදෑසන 8.00ත් රාත්‍රී 12.00ත් අතර කාලයේදී දිවයින පුරා පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදුන් බවයි, එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් පහත පරිදි වෙයි.

    A B C D E F P Q R S කලාප සඳහා දහවල් 2.00 සිට රාත්‍රී 12.00 : පැය 10 ක්

    G H I J K L T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 6 යි - රාත්‍රී කාලයේ: පැය 4 යි

    M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප) - උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින්..

    58b8f18918555d8790c98c6a0615256a

    දෛනික විදුලි අවශතාවයෙන් මෙගාවොට් 800ක් ජනනයට තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන්‍ මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙන බවත්, බලාගාර ආශ්‍රිත ජලාශ පිහිටි ප්‍රදේශවලට වැසි ලැබෙන තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමේ හැකියාවක් නොමැති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසයි.

     

    Latest News