සිපෙට්කෝ ඉන්ධනහල්වලින් කොටසක් පෞද්ගලික අංශය ලබාදීමේ වැඩපිළිවෙළක්

සැප් 22, 2022

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය  කෙරෙන ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන ක්‍ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගති සමාලෝචනය, ඊයේ සිදු කෙරුණා. සංස්ථාව යටතේ ඇති ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1250 ක්.

    පළ කරන ලද අභිලාශ කැඳවීමේ දැන්වීමට අනුව යෝජනා ඉදිරිපත් කළ සමාගම් සංඛ්‍යාව 24 ක්. ඒ අතරින් සුදුසුකම් සපුරණ සමාගම් කිහිපයක් වෙනුවෙන් ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවි කිරීමට සංස්ථාවේ පිරවුම්හල් 600 ක් පමණ ලබා දීමට නියමිතයි. නොවැම්බර් මස වන විට එම අවස්ථාව ලබා දීමට සහ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිතයි.

    Latest News