ඉන්දුනීසියා - ශ්‍රී ලංකා ජනමාධ්‍ය සබඳතා ඉහළට...

මාර් 29, 2022

    ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ සබඳතා ඉහළ තලයකට ඔසවා තැබීමට හැකිවූ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා ඇත.

    පසුගියදා ඉන්දුනීසියාවේ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ, දෙරටේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ ඵලදායී එකඟතාවන් රැසක් ඇතිකරගත් බවයි. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දුනීසියාවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ජොනී ජී ප්ලේට් මහතා ඇතුළු එරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් අතර පසුගියදා සාකච්ඡාව පැවැත්වුණා.

    මෙරට මාධ්‍යකරුවන්ට හා මාධ්‍ය විෂය හදාරණ සරසවි විද්‍යාර්ථින්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදීමටද මෙහිදී එකඟතාව පළ කෙරුණා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දුනීසියානු පුවත්පත් කොමිසම අතර, නව ප්‍රතිසංස්කරණ සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

    ඉන්දුනීසියාව තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය ආයතන 40,000ක් පමණ මාධ්‍යකරණයේ නිරත වේ. එම අත්දැකීම් අධ්‍යයනය සඳහා මෙරට නියෝජිතයන් පිරිසක් ඉන්දුනීසියාව බලා පිටත්කර යැවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.

    Latest News