ජාතික රූපවාහිනියට රයිගම් සම්මාන රැසක්...(වීඩියෝ)

මාර් 27, 2022
  • රයිගම් සම්මාන උළෙලේ දී වසරේ සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස මෙවරත් සිය අනන්‍යතාව තහවුරු කර ගැනීමට ජාතික රූපවාහිනියට හැකිවුණා.

    රයිගම් සම්මාන උළෙල ඊයේ රාත්‍රී පැවැත්වුණේ, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී. ජාතික රූපවාහිනිය මෙවර සම්මාන රැසකින් පිදුම් ලැබූවා. මෙවර සම්මාන උළෙලේ විශේෂත්වය 2020 සහ 2021 වසර දෙකටම අදාළ සම්මාන ප්‍රදානය ද්විත්ව සම්මාන උළෙලක් ලෙස පැවැත්වීමයි. එලෙස ද්විත්ව සම්මාන උළෙලක් ලෙස එය පැවැත්වීමට සිදුවුයේ, කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන්. අදියර 7ක් යටතේ, සම්මාන පිරිනැමීම සිදු කෙරුණා. ජාතික රූපවාහිනියේ වැඩසටහන් 39ක් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණා.

    Last modified on ඉරිදා, 27 මාර්තු 2022 14:21

    Latest News