ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට...(වීඩියෝ)

මාර් 24, 2022
  • බොරැල්ල ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ මහල් 8කින් යුත් වාට්ටු සංකීර්ණය අද (24) ජනතා අයිතියට පත් කෙරුණා.

    වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1,906ක්. රෝහල් පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කෙරුණා. රෝහල, අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරෙනවා. ප්‍රථම අදියර නිමා කෙරුණේ 2001 වර්ෂයේදී. ඒ යටතේ, පස් මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණා. දෙවැනි අදියර යටතේ රෝගීන් 360 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් ලබාදීමේ අරමුණින් ඉදි කෙරුණු වාට්ටු සංකීර්ණයයි, අද ජනතා අයිතියට පත් කරනු ලැබුවේ.
    කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය සහ යුනානි උපාධිය හදාරණ සිසුන් ඇතුළු මෙරට විශ්වවිද්‍යාලවල ආයුර්වේද උපාධිය හදාරණ විද්‍යාර්ථයින්ට සීමාවාසික පුහුණුව මෙහිදී ලබාදිය හැකියි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News