වසර 09 පසු ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි...

මාර් 14, 2022

    වසර 09 කට පසු ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කර තිබෙනවා.  

    වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල දේශීය ආයෝජකයකු සමඟ ගිවිසුම් ගතවීමෙන් අනතුරුව නැවත ආරම්භ කිරීමට ලැබීම රටේ වාසනාවක් බවත්, වසා තිබෙන සියලු ම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසනවා.  

    අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ අද (14) දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර 09 පසු නැවත ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි.   එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පවසූවේ,  විදේශීය ආයෝජකයන්ට, දේශීය ආයෝජකයන් සහ රජයේ මැදිහත්වීම මත සිය ආයෝජන සිදු කරමින් කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙන බවයි.

    මෙම කඩදාසි කර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත අතර දේශීය ව අවශ්‍ය කඩදාසි සැපයිමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසි ය.  මේ කටයුත්ත ආරම්භ කිරීම පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංස මැතිතුමාට ස්වකීය ගෞරවය පුද කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.  

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජෙනරාල් දයා රත්නායක, සී/ස ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා. 

    Emb2 900px 22 03 14

    Latest News