ජිනීවා මානව හිමිකම් සමුළුව අද ඇරඹේ

පෙබ 28, 2022

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49වැනි සැසිවාරය අද (28) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. අප්‍රේල් 01වැනිදා දක්වා සැසිවාරය පැවැත්වෙනු ඇති.

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබාදෙනු ලබයි.

    මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇති අතර මාර්තු 3 වැනිදා දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. 

    විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියද හමුවීමට නියමිතයි.

    Latest News