අඩි 200ක් උස ගසක් මුදුනේදී, රෝගී වූ අයෙක් නිරුපද්‍රිතව බිමට....(වීඩියෝ)

පෙබ 27, 2022
  • අඩි 200ක් උස ගසක් මුදුනේදී, රෝගී වූ පුද්ගලයෙකු නිරුපද්‍රිතව බිමට බැස්සවීමට ලිඳුල පොලිසියට හැකිව තිබෙනවා.

    යුකලෙප්ස්ටික් නමැති මෙම ගසේ අතු කැපීමට ගසට නැගී සිටියදීයි, ඔහු රෝගී වී ඇත්තේ. ලිඳුල ලැමරියවත්තේ පදිංචි බාලචන්ද්‍රන් අධිෂ්ඨ කුමාර නැමැත්තා මෙසේ රෝගී වී තිබෙනවා. ඔහු අද උදෑසන තම පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ ගසට නැග අතු කපමින් සිටියදී ඇද හැලුණු අධි වර්ෂාවත් සමඟ ඔහු ගස මුදුනේදී රෝගී වූ බවයි, පවුලේ සාමාජිකයන් පවසන්නේ. පසුව ලිඳුල පොලිසිය එම ස්ථානයට පැමිණ ගම්වාසීන්ගේ ද සහය ඇතිව කඹයක ආධාරයෙන් පුද්ගලයාව නිරුපද්‍රිතව ගසෙන් බිමට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා පැය තුනක පමණ කාලයක් ගතවූ බවයි වාර්තා වන්නේ....

    Latest News