ඉදිරි සතියට ප්‍රමාණවත් ඉන්ධන වර්ග රට තුළ පවතී....

පෙබ 27, 2022

    ඉදිරි සතියට ප්‍රමාණවත් පරිදි සියලු ඉන්ධන වර්ග රට තුළ පවතින බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    එහි මාධ්‍ය ප්‍රකාශක චමින්ද හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරීමේදී පවතින යම් ප්‍රමාදයක් නිසා ඇතැම් ප්‍රදේශවල හිඟයක් මතුව ඇති බවයි. මේ වනවිට රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඔක්ටේන් 92ක සහ 95 පවතින අතර අවශ්‍ය ප්‍රමාණයට ඇනවුම් සිදුකර ඇති බවයි, බලශක්ති අමාත්‍යාංශය කියා සිටියේ. ලබන 2 වැනිදා ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළඟාවන අතර, එහි ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 30,300ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක් අඩංගුයි.
    ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 රැගත් තවත් නෞකාවක් පැමිණිමට නියමිත අතර එහි ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක් ද ඇතුළත් බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    Latest News