මන්නාරමට හෙරොයින් බෙදූ දෙදෙනෙක් අල්ලයි

මාර් 02, 2019

    මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ දී හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම්20ක් සමග නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කල ජංගම දුරකථනය ද ඒ සමඟ සොයාගැනිණ. සැකකරුවන් හා භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව මගින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 10:32

    Latest News