ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

පෙබ 24, 2022

    ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 71 වැනි වියේ පසු විය.

    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේ දී බන්දුල පද්මකුමාර මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කලාවට දිගුකාලීන සේවයක් කළ අතර ‘ගීතා‘, ‘සරසි‘ වැනි සිනමා පුවත්පත් ද ‘කුමරි‘ ‘පති-පතිනි‘ වැනි සඟරා රාශියක් ද ආරම්භ කිරීමට මුල් විය.

    මාධ්‍යවේදියකු වනවාට අමතරව චිත්‍රපට කලාවෙහි ද නිරතවූ පද්මකුමාර පත්තර මහගෙදර සභාපතිවරයා ලෙස ද කාලයක් සේවය කළේය.බන්දුල පද්මකුමාර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු ලෙස ද ප්‍රචලිතය.

    1970 වර්ෂයෙන් ආරම්භ කරන ලද මාධ්‍ය ජීවිතය දිගු කලක් ඔස්සේ විවිධ හැඩතලවලින් විවිධ මාන ඔස්සේ රැගෙන ගිය පද්මකුමාරයන්ට මෑතක සිට විවිධ අසනීපවලින් පෙලෙන්නට විය.

    වකු ගඩු රෝගී තත්ත්වයකින් පෙලෙමින් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මිය ගොස් ඇත.

    Latest News