උඩරට දුම්රිය මාර්ගයට යාබද රක්ෂිතයක ගින්නක්

පෙබ 23, 2022

    උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් අතර පිහිටි රක්ෂිතයේ ඊයේ (22) රාත්‍රී හටගත් ගින්නකින් අක්කර 25ක් පමණ විනාශ වි තිබේ. 

    එම දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි ස්ටැඩන් වත්තට අයත් සිත්තරවත්ත කොටසේ වනවගා රක්ෂිතයක මෙම ගින්න හටගෙන තිබිණ. වනවගා සහ ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ඊයේ ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. 

    සතුන් දඩයම් කිරිමේ අරමුණ ඇතිව තැබු ගින්න සීඝ්‍රයෙන්  රක්ෂිතයට ඉහළින් වූ රුවන්පුර ජනපදය දක්වා පැතිර ගොස් තිබේ. 

    අලුයම වන විට ගින්න පහව ගොස් ඇති අතර විශාල පරිසර හානියක් සිදුව ඇති අතර, රක්ෂිතයේ ජල මුලාශද සිදි ගොස් තිබු බවයි, අප වාර්තාකරු පවසන්නේ.  

    Latest News