ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගැනීමේ ඉහළ ප්‍රවණතාවක්...

පෙබ 22, 2022

    සියලු පාර්ශ්වල කැපවීමෙන් මෙරට කොවිඩ් වසංගතය මේ වනවිට සාධනීය පාලනයකට නතු කිරීමට හැකි වී තිබෙනවා.

    එම පසුබිම තුළ විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස තෝරා ගැනීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් තිබෙනවා. 2022 ආරම්භයේ සිට මේ දක්වා දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 50,000කට ආසන්නයි. ශ්‍රී ලංකාවේ භූ විෂමතාව, සුන්දර පරිසර පද්ධතිය හා සුවිශේෂි ස්ථාන දැකබලා ගැනීමට ඔවුන් දක්වන්නේ, දැඩි උද්‍යෝගයක්.
    මෙරට පරිසර සුන්දරත්වය හා දේශගුණික වෙනස අත්විදීම ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එහිදී මඩකලපුව, පාසිකුඩා වෙරළ තීරයට හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයක්. එහි ඇති නොගැඹුරු මුහුද හා දර්ශනීය වෙරළ තීරය ඊට ප්‍රධාන හේතුවයි. පාසිකුඩාහි අක්කර 1,000ක පමණ ප්‍රදේශයක සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් පවතිනවා. එමගින් ප්‍රදේශයේ විශාල පිරිසකට සෘජු හා වක්‍ර රැකියා ද ලැබී තිබෙනවා.

    Latest News