සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය තවමත් අවසන් නැහැ

පෙබ 10, 2022

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද (10) සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

    හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වී සිටියි.

    වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේත් දිවයින පුරා රෝහල් කටයුතු අඩාල විය. වර්ජනය හේතුවෙන් දින 3ක සිට රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

    කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් කාන්තා රෝහල, වකුගඩු රෝහල, අයි ඩී එච් රෝහල, පිළිකා රෝහල සහ මධ්‍යම ලේ බැංකුව යන ස්ථානවල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක නිරෝශ ප්‍රේමරත්න ප්‍රකාශ කරන්නේ අසාධාරණ ලෙස වැටුප් වැඩිකර ගැනීම සඳහා ජනතාව පීඩාවට පත්කරමින් මෙවැනි වැඩවර්ජන සිදුකිරීම අසාධාරණ බවයි.

     

    Latest News