වැඩ වර්ජනයේ දෙවැනි දිනටත් රෝගී ජනතාවට පීඩා....(වීඩියෝ)

පෙබ 08, 2022
  • හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය අද (08) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

    මේ හේතුවෙන් රෝගීන් රැසක් අදත් දැඩි පීඩාවට පත්ව සිටියා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සේවාව, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු සේවාව ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති 18ක් වැඩ වර්ජනයට එක්ව සිටිනවා. ප්‍රධාන රෝහල් 9ක සහ එක් සෞඛ්‍ය ආයතනයක පමණක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. වර්ජනය හේතුවෙන් ඇන්ටිජන් පරීක්‍ෂා කිරීම ඇතුළු සෞඛ්‍ය සේවා රැසකට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන්, පීඩාවට පත් රෝගී ජනතාව මෙම වර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.....

    Latest News