රැඳවියන් තිදෙනෙක් උසස් පෙළට පෙනී සිටියි

පෙබ 07, 2022

    වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු අද (07) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනූව වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 43ක හා 46ක සිරකරුවන් දෙදෙනකු හා වයස අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු එලෙස විභාගයට පෙනී සිටීමට නියමිතව ඇති බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් තිදෙනා විභාගයට පෙනී සිටීමට නියමිතයි.

    විවිධ චෝදනාවලට ලක් වී බන්ධනාගරගතව සිටින සිරකරුවන් , සැකකරුවන්, පුනරුථාත්පන සංකල්පය සාක්ෂාත්කර ගැනීම සඳහා විශේෂ හැකියාවන් සහිත සිරකරුවන් හා සැකකරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු කරවමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ බවයි ඒකනායක මහතා පවසන්නේ.

     

    Latest News