සතියක් තුල කොවිඩ් ආසාදිතයින් සියයට 30කින් ඉහළට

පෙබ 05, 2022

    ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ 'කොවිඩ් 19' පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ.

    පසුගිය සතියට වඩා රට තුල මෙම සතියේ කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පිළිබඳව ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි. ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඔහු කියා සිටියි.

    ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩිසත්කාර ඒකකයට යොමුකළ යුතු රෝගීන් සියයට 5 කින් ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරන වෛද්‍ය අන්වර් හම්දානි කොවිඩ් මරණවලින් තුනෙන් දෙකක්ම පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් බව ද සඳහන් කළේය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය අන්වර් හම්දානි මේ බව ප්‍රකාශ කළේය.

    Last modified on සෙනසුරාදා, 05 පෙබරවාරි 2022 08:29

    Latest News