නිදහස් දිනය වෙනුවෙන් මී ගස් 3,000ක් රෝපණය කෙරේ

පෙබ 04, 2022

    74 වැනි නිදහස් දිනය වෙනුවෙන් මීගස් (පැල) තුන්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය අද දින මාලබේ දී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.

    ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් මාලබේ, චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ ඇවිදින මං තීරු ආශ්‍රිතව මී පැළ තුන්දාහක් රෝපණය කිරීමේ වැඩසටහන අද දින කොළොන්නාව, පොදුජන පෙරමුණේ ආසන සංවිධායක අජිත් සුභසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    මෙම වැඩසටහන සිදුකෙරෙන්නේ "නිදහසේ හුස්මක්" රජයේ වැඩසටහන යටතේ දිවයින පුරා පැළ 75 ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියට සමගාමීවයි.

    මෙහිදී සිටුවන ලද මී පැල පැළ ආරක්ෂා කිරීමත්, පවත්වාගෙන යෑමත්, නඩත්තු කිරීමත් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකෙරුණු ඇති. 

    Last modified on සිකුරාදා, 04 පෙබරවාරි 2022 12:20

    Latest News