74 වැනි ජාතික නිදහස් උත්සවයට සූදානම්

පෙබ 02, 2022
    එළඹෙන 74 වන ජාතික නිදහස් උත්සවය සඳහා පෙරහුරු සංදර්ශනයන් මේ වන විටත් පැවැත්වෙයි. 
    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන් ඊයේ (1) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ  ජාතික නිදහස් දින පෙළපාළිය නිරීක්ෂණය කරන කළේය. 

     

    ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍ය, උපදේශකවරුන්, ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති මෙන්ම සීමිත පාසල් සිසුන් සංඛ්‍යාවක් හා ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් එළඹෙන සිකුරාදා (04) දින නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.

    ‘අභියෝග ජයගත් අසිරිමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ තේමාව පෙරටු කරගනිමින් පැවැත්වෙන 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් 6500 දෙනෙකුගේ සහභාගිත්වයෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.

    එමෙන්ම, මෙවර නිදහස් දින පෙළපාලියට විවිධත්වයක් එක්කරමින් පාසල් සිසුන් 45 දෙනෙක් සහ සංස්කෘතික කලාකරුවන් 431 දෙනෙකු ද නිදහස් පෙළපාලිය සඳහා සිය දායකත්වය සපයති.

    20220101 paradephoto 30

    20220101 paradephoto 11

    20220101 paradephoto 12

    20220101 paradephoto 17

    Latest News