කොස්තාපල්වරයෙකු සිය ගිනිඅවියෙන් දිවිහානිකර ගනී

පෙබ 28, 2019

    මහරගම පොලිස් ස්ථානය තුලදී කොස්තාපල්වරයෙකු (29) සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

    පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ ඔහු අද (28) උදෑසන 9.45ට පමණ පොලිස් ස්ථානයේ ආපනශාලාව අසළ දී දිවි හානිකරගෙන තිබේ. 29 හැවිරිදි එහු අනුරාධපුරය, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මෘතශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂනය අද දින සිදු කිරීමට නියමිතයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 12:23

    Latest News