සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා ස්වකීය ආයතනික යන්ත්‍රණය මෙහෙය වීමට අදාළ වගකීම් දැරීමට සුදුසු ක්‍රියාකාරි පුද්ගලයකු ආයතන ප්‍රධානියා විසින් නම් කළ යුතු වෙයි.
එම පුද්ගලයා ද ඇතුළත්ව ආයතනය තුළ ඩෙංගු මදුරුවන් බෝ වීමට හැකි අවදානම් ස්ථාන හඳුනා ගැනීම, ඒවා ඉවත් කිරීම හා පසුවිපරම් කිරීම සම්බන්ධයෙන් සක්‍රීයව දායක විය හැකි පුද්ගලයන්ගෙන් සමන්විත ආයතනික කමිටුවක් ස්ථාපිත කළ යුතු යැයි ද එම චක්‍රලේඛයේ සඳහන්.
ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් අවම වශයෙන් සතිපතා ක්‍රියාත්මක විය යුතු වෙයි. අදාළ උපදෙස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත දිය යුතු බවත් එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන වාර්තාවක් ආයතනය මඟින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත මාසිකව දීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.