සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර....

ජන 26, 2022

    සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

    සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තකරුවන් හා ආනයනකරුවන් සමඟ අද පැවති හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ව්‍යාපාරිකයින් මෙහිදී සඳහන් කළේ සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් සිතාමතා වෙළෙඳ පොළේ සිමෙන්ති හිඟයක් ඇතිකර, වැඩිමිලට අලෙවි කරන ජාවාරමක් පවතින බවයි.
    පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය එක්ව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන නියෝජිතයන් සොයා ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවට සාකච්ජාවේදී අවධාරණය කෙරුණා. එම තත්වය පාලනය නොකළහොත්, ඉදිකිරීම් ඇතුළු ක්‍ෂෙත්‍ර ගණනාවකට බලවත් අසාධාරණයක් සිදුවන බව ද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දුන්නා.

    Latest News