වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි (සජීව විකාශය මෙතැනින්)

ජන 12, 2022
  • කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) දෙවැනි අදියරේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන ආරම්භ විය.

    කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කිරීමේ අරමුණ ඇතිව ඇරඹෙන නැඟෙනහිර ජැටියේ ඉදි කිරීම් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය කිරීමට නියමිතයි.

    නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියර යටතේ මීටර 720ක දිගකින් යුතු පර්යන්ත කොටසක් ඉදිවෙයි. ගැඹුර මීටර 18ත් 20ත් අතර ප්‍රමාණයක්. සමස්ත ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 4,000ක්. ඉදිකිරීම් 2024 වන විට අවසන් කිරීමට නියමිතයි. මෙහි නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන දොඹකර 6ක් රේල් පීලි මත දිවෙන නවීන තාක්ෂණයෙන් යුතු ගැන්ට්‍රි දොඹකර 20ක් හැසිරවීමේ පහසුකම් පවතියි.

    ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම වර්තමාන රජයේ ප්‍රධාන ඉලක්කයක්. එම සැලැස්මට අනූව වරාය අධිකාරිය 2050 දක්වා ජාතික වරාය සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනූව කොළඹ වරායේ දැනට පවතින බහලු හැසිරවීමේ ධාරිතාව 2050 වන විට මිලියන 35ක් දක්වා ඉහළ නැංවීම රජයේ මූලික අරමුණයි.

    Latest News