පිලිප් ගුණවර්ධන 121 වැනි ජන්ම දිනය සැමරේ

ජන 11, 2022

    ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවර, ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 121වන ජන්ම දිනය අද (11)ට යෙදී ඇත.

    ඒ නිමිත්තෙන් අවිස්සාවේල්ල බොරළුගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන සමාධියට පුෂ්පෝපහාර දැක්විම, මහජන එක්සත් පෙරමුණේ නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදුවිය.

    හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ ඇතුළු ම.එ.පෙ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    Latest News