යල කන්නට කාබනික පොහොර මිලදී ගැනීමට අනුමැතිය

ජන 11, 2022

    2022 යල කන්නය සඳහා පරිසර හිතකාමී දේශීය පොහොර මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් වී වගාව සඳහා සකස් කරනු ලබන පරිසර හිතකාමී පොහොර නිර්දේශ සැලකිල්ලට ගෙන මෙම මිලදී ගැනීම සිදුකෙරේ.
    පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කර එම මිල දී ගැනීම සිදුකිරීමට නියමිතයි.

    එමෙන්ම යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් අනුමැතිය හිමිව ඇත.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රජයේ පොහොර සමාගම් දෙක මඟින් එම මිල දී ගැනීම සිදුකිරීමට කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවිය.

    Paddy

    Latest News