ප්‍රදේශ කිහිපයකට තද වැසි

පෙබ 26, 2019

    රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව පළාතේ සහ කෑගල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකියි. එම ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70-80ක පමණ කෙටිකාලීන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News