එළිමහන් සංගීත සංදර්ශණ සඳහා අවසර

දෙසැ 28, 2021

    එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ (27) උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනූව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එම එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීමට අවසර හිමිවෙයි.

    සඳුදා, අඟහරුවාදා සහ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුල ද සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල සවස 6.00 සිට අලුයම 1.00 දක්වා ද සංගීත සංදර්ශන පැවැත්විය හැකියි.

    එමෙන්ම ඉරිදා දිනවලදී සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවත්වීමට අවසර හිමිවෙයි.

    Latest News