දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නවතී

දෙසැ 24, 2021

    දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වී ඇති බව වාර්තා වෙනවා.


    ඒ අනුව අද ප්‍රධාන දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නොකෙරන බවට දැන්වීම් අලවා තිබෙනු දැක ගත හැකි වුණා. නමුත් ඇතැම් උප දුම්රිය ස්ථානවල දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙනු බව වාර්තා වුණා.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ සිය සාමාජිකයන්ට මෙන්ම මගීන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.

    Latest News