නුවරඑළියට මල්තුහින

දෙසැ 24, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රතිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල්තුහින තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

    එමෙන්මම ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්වයක් අපේක්ෂා කෙරේ.

    බස්නාහිර සබරගමුව, මධ්‍යම, උතරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි ය.

    Latest News