අතුරුදන් වූ දරුවන් සොයාගැනීමට සහය අවශ්‍යයි

දෙසැ 13, 2021

    කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙකු ආගිය අතක් නොමැති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.



    එම දරුවන් අවුරුදු 10ක් සහ 12 යන වයස්වල පසුවන ඥාති සහෝදරයන් බවත් පිරිමි ළමුන් දෙදෙනෙක් බවත් පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදන් වු ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

    ළමුන් දෙදෙනාගේ විස්තර පහතින් දැක්වේ.

     

    1. නම - දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම්


    වයස - අවුරුදු 10යි

    රූප විස්තර - උඩ අඩි 4ක් පමණ, තලෙළුයි, කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත්දෙකක් වැටී ඇත.

    අවසන් වරට ඇඳ සිටි ඇඳුම - නිල් පැහැති ටී ෂර්ට් එකක් හා කළු පැහැති කොටු සහිත කොට කලිසමක්

     

     

     

    1. නම - ජයසේකර මුදලිගේ අකිල දේදුණු


    වයස - අවුරුදු 12යි

    රූප විස්තර - උඩ අඩි 4යි අඟල් 10ක් පමණ, තලෙළුයි, කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇත.

    අවසන් වරට ඇඳ සිටි ඇඳුම් - නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක්

     


    ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්න.

    කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති - 071 859 1634

    පොලිස් ස්ථානය කොටදෙණියාව - 033 224 0050 / 033 227 2222

    Latest News