ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වාගේ ග්‍රන්ථ ත්‍රිත්වයක් එළිදකී....(වීඩියෝ)

දෙසැ 11, 2021
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයෙකු වන ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් පසුගියදා එළිදක්වනු ලැබුවා.

    ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ග්‍රන්ථ එළිදක්වනු ලැබුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී. ෂර්ලි අනිල් ද සිල්වා මහතාගේ මාධ්‍ය දිවියේ දී යුද පුවත් වාර්තාකරණයේ යෙදෙමින්, තිස් අවුරුදු යුද්ධය පිළිබඳව සියැසින් දුටු මතක ආවර්ජනය කරමින්, "යුද බිමක ඇසින් දුටු මතක" නමින් ග්‍රන්ථයක් රචනා කර තිබෙනවා. පුවත්පත් තීරු ලිපි රචකයෙකු ලෙස පළ කරන ලද ලිපි ඇතුළත් "කොලම් තුනක්" නමැති ග්‍රන්ථය සහ "සංකල්පනා" නමැති කාව්‍ය ග්‍රන්ථය ද මෙහිදී එළිදක්වනු ලැබුවා. උත්සව‍‍යේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිලධාරීන්, ෂර්ලි අනිල් ද සිල්වා මහතා අධ්‍යාපනය ලැබූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුන් සහ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයක් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News