නව ශ්‍රමිකයින්ට යළි කොරියාවේ රැකියා දොර ඇරේ

දෙසැ 08, 2021

    ගෝලීය වසංගතය සමග කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම 2020 පෙබරවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, වසර දෙකකට ආසන්නවීමත් සමග යළිත් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ආරම්භ කොට තිබේ.

    ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අළුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු ඊයේ දින (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

    මෙම ශ්‍රමිකයින් පිටත්ව යාමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික අධ්‍යක්ෂක Kim Won Seok මහතා, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ගුවන් තොටුපොල) ජගත් බටුගෙදර යන මහත්වරුන් එක්ව සිටියහ.

    Latest News