වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

දෙසැ 07, 2021

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යන විට ඔහු 83 වැනි වියේ පසු විය.

    වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබිණ.

    ඉන් පසුව රාජා කොල්ලුරේ මහතා රෝහල් ගත කරනු ලැබූ අතර එලෙස කොව්ඩ් වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.

    Latest News