ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ අමාත්‍ය චමල් අතර හමුවක්

දෙසැ 06, 2021

    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර, හමුවක් ඊයේ පැවැත්වුණා.

    ඒ, කොළඹ පිහිටි අමාත්‍ය නිල නිවසේ දී. ඉකුත් නොවැම්බර් මාසයේ ස්කොට්ලන්තයේ පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී සාකච්ඡාවට ලක්වූ කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

    "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ආපදාවට ලක්වීම සම්බන්ධව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග හා ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස සම්බන්ධව ආසියානු ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ද, සාකච්ඡා කෙරුණා. කෘෂිකාර්මික හා ආපදා කළමනාකරණ යන විෂය ගැන නිලධාරී මට්ටමින් සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට ද එකඟතාව පළ වූ බවයි, ආරක්ෂක රාජ්‍ය හා ස්වදේශ කටයුුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News