කාබනික පොහොර නිෂ්පාදනය නැංවීමට යුද හමුදාවෙන් ඉහල දායකත්වයක්...

නොවැ 27, 2021

    ශ්‍රී ලංකා යුුද හමුදාවේ නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථානය නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ 91,000 ක් අද ලක්පොහොර සමාගම වෙත බාරදෙනු ලැබුවා.

    වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමි කාබනික පොහොර නිෂ්පාදන ඉහළ නැංවීමට ශ්‍රී ලංකා යුද හමුදාව ද ඉහළ දායකත්වයක් සපයනවා. මෙම පොහොර තොගය ද ඒ යටතේ නිෂ්පාදිතයි.  පොහොර තොගය යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ලක් පොහොර සමාගමේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කළමනාකාර ධම්මික රත්නායක මහතා වෙත බාරදෙනු ලැබුවා.

    උසස් තත්වයෙන් යුත් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 25,000 ක් නිපදවීම යද හමුදාවේ අපේකෂාවයි. එහි පළමු පියවර ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය නිපදවූ කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 88,000 ක් ලක් පොහොර සමාගම වෙත මීට පෙර බාරදී තිබෙනවා. අද බාරදෙන ලද්දේ, එහි දෙවන පොහොර තොගයයි.

    Latest News