ජනාධිපති නීතිඥයින් පත්කිරීමට අදාළව ගැසට් පත්‍රයක්

නොවැ 25, 2021

    ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට අදාළ නව මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

    ඒ අනුව මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

    මාර්ගෝපදේශ 14ක් එම නව ගැසට් පත්‍රය මඟින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර 2019 වසරේ ඔක්තෝබර් 29 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරන ලද ජනාධිපති නීතිඥයින් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මෙමඟින් අවලංගු කර තිබේ.

    G_1.jpg

     

     

    Latest News