කෝවිඩ් පොකුරු සුළු වශයෙන් හෝ ඇතිවී තිබෙන්නේ ජනතාව ඒකරාශී වූ ස්ථානවලින්

නොවැ 25, 2021

    කෝවිඩ් පොකුරු සුළු වශයෙන් හෝ ඇතිවී තිබෙන්නේ ජනතාව ඒකරාශී වූ ස්ථානවලින් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    රෝගීන් වැඩිවීමට අනාරක්ෂිතව හැසිරීම වන විට හේතුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 745 මෙරටින් ඊයේ හඳුනා ගනු ලැබුවා. ප්‍රතිකාර ලබන සමස්ත පිරිසට 17 471 දෙනෙකු අයත්. 401 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස 27,929ක්.

    කොවිඩ් 19 ප්‍රතිශක්තිය කරන වැඩසටහන් යටතේ මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 30,039,426 ක් ලබා දී තිබෙනවා.

    Latest News