අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට

නොවැ 23, 2021

    2022 අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වෙයි.

    එය දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වෙන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

    2022 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93 කින් ඊයේ සම්මත වුණා. අයවැයට පක්‍ෂව ඡන්ද 153 ක් හිමි වූ අතර විපක්‍ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි.

    Last modified on අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 08:57

    Latest News