තණමල්විලදී යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට

නොවැ 15, 2021

    තණමල්විල, සර්වෝදය මාවතේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටීමෙන් අද (15) උදෑසන සිදු වූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ.

    අනතුරින් පසු යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා තණමල්විල දිසා රෝහලට ඇතුළුත් කර ඇති අතර ඒ වන විටත් එක් අයෙක් මියගොස් සිට ඇත.

    අනෙක් පුද්ගලයා බරපතළ තත්වයෙන් පසු වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

    මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගගේයාය, තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයකු වන අතර තුවාල ලබා ඇත්තේ සර්වෝදය මාවත, තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු බව තණමල්විල පොලිසිය පවසයි.

    අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News