ගංඟා රැසක් පිටාර මට්ටමට

නොවැ 09, 2021

    නිල්වලා හා ගිං ගඟ හා අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

    මේ හේතුවෙන් අදාළ ගංඟා අවට වෙසෙන පහත්බිම්වල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    මේ අතර,පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහඔය පිටාර ගලා, ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    මහඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල, වරදගොල්ල,නාල්ල, දිවුල්දෙණිය, වැලිහින්ද, අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව,මීගමුව හා කටාන යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ ඇති බවත්, එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 

    Last modified on අඟහරුවාදා, 09 නොවැම්බර් 2021 11:24

    Latest News