නායයෑමකින් රඹුක්කන තිදෙනෙක් ජීවිතක්ෂයට

නොවැ 09, 2021

    රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

    සහන කණ්ඩායම්වල මැදිහත්වීමෙන් තවත් පුද්ගලයෙකු දිවි බේරා ගෙන ඔහු රෝහල් ගතකර ඇත.

    රඹුක්කන, දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් මෙලෙස නාය යෑමට හසුවී තිබේ.

    මේ වන විට නිවසේ සිටි කාන්තාවක්, ඇයගේ 08 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඥාති දියණිය මෙම සිදුවීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

    Latest News