නුවරඑලිය-හැටන් මාර්ගයට පස් කන්දක් කඩා වැටේ....

නොවැ 08, 2021

    නුවරඑලිය-හැටන් ප්‍රධාන මාර්ගයට අද (08) පස්වරුවේ පස් කන්දක් කඩා වැටිමෙන් ගමනා ගමනය ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

    නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් පස් කන්ද කොටසින් කොටස ඉවත් කර රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කර තිබේ. රිය ධාවනයේ දී සැලකිලිමත් වන්නැයි නුවරඑළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    Latest News