2022 අයවැය සම්පාදනය ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම පිරිසකගේ දායකත්වයෙන්...

නොවැ 06, 2021

    2022 අයවැය ලේඛනය සම්පාදනයේ දී මෙරට අයවැය ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇත.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම හා මුදල් අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීමෙන් ආයතන,  සංවිධාන සහ පුද්ගලයින් විශාල පිරිසක් සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කර තිබීමෙ විශේෂත්වයක්. කොවිඩ් 19 වසංගතය හමුවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකයට ඉමහත් පීඩනයක් ඇති වූ කාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා වන අයවැයක් සම්පාදනය අමාත්‍යවරයාගේ අදහසවී තිබේ. 

    අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරින්, විවිධ දේශපාලන පක්ෂ නායකයින්, දිස්ත්‍රික් දේශපාලන අධිකාරින්, විවිධ වෘත්තීය සංගම්, වෙළෙඳ  ව්‍යාපාර, ආනයනකරුවන්, තරුණ සංවිධාන, තේ, පොල්, රෙදි, එළවලු හා පළතුරු, ආහාර, මත්ස්‍ය, තොරතුරු තාක්ෂණය, පශු සම්පත්, මැණික් හා ස්වර්ණාභරණ, ධීවර යන අංශ  ඇතුළු 102 ක පමණ කණ්ඩායමක් මෙවර අයවැය ලේඛණය සකස් කිරීම සඳහා සහභාගී වී ඇත.

    Latest News