ප්‍රදේශ රැසකට අද වැසි

ඔක් 29, 2021

    දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

    එම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News