ජනපති, දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදය අමතයි

ඔක් 28, 2021

    බුදුන් වහන්සේගේ ඉගැන්විම් අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රි ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර ගැනිමේ වැදගත්කම මනාව වටහාගෙන ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරයි.

    එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 76වැනි සැසිවාරයේ සභාපති අබ්දුලාෂහීඩ් මහතා කැදවා තිබු රාජ්‍ය නායක සංවාදයට විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (27) එක්වෙමින් එතුමා මේ බව කියා සිටියේය. මිනිසා පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් දේශගුණික ක්‍රීයාවලිය වර්ධනය කිරිම එහි තේමාවයි.

    නිව්යෝර්ක් හි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට සාමාජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වුහ. සංවර්ධිත ජාතින් පෘථිවිය සුවපත් කරලිමට ඔවුන්ගේ කැපවීම ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරිමේ හා උපයෝජනය විමේ පියවර ක්‍රියාත්මක කිරිම සදහා අර්ථවත් බහු පාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය ය. අන්තර්ජාතික වශයෙන් ගල්අගුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම නායකයෙකු වීම පිළිබඳව ශ්‍රි ලංකාව ආඩම්බර වන බව පැවසු ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මන්ඩලිය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති හා ජිවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමටද ශ්‍රි ලංකාව නායකත්වය සපයන බව සදහන් කළේය. ශ්‍රි ලංකාවේ දේශිය ප්‍රතිපත්ති රාමුව තිරසරභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමා සහතික වන බව එතුමා පැවසිය. මෙය බල පැවැත්විම සදහා කෘත්‍රිම පොහොර අධීක ලෙස භාවිතය සීමා කිරිමට ශ්‍රී ලංකාව ක්‍රියා කළේය. ඉන් සෞඛ්‍ය ගැටලු විසදා ගැනිමට මෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනිමට ද හැකි වනු ඇත. 2050 වනවිට ශ්‍රි ලංකාවේ කාබන් ශූන්‍යතාව සාක්ෂාත් කරගැනිම ඉලක්කයයි. වසර 2030 දී මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාගැනිමේ ඉලක්කය වෙත ශ්‍රි ලංකාව ගමන් කරමින් සිටින බව ජනාධීපතිතුමා එහිදි අවධාරණය කළේය.

    Latest News