දීර්ඝ සති අන්තයේ සංචරණ සීමා දැඩි කෙරේ(වීඩියෝ)

ඔක් 16, 2021
  • අන්තර් පළාත් සංචරණ සීමා ලබන 21 වැනිදා තෙක් තවදුරටත් බලපැවැත්වෙනවා.

    මේ අතර, අද සිට ආරම්භ වූ දීර්ඝ සති අන්තයේ පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගැනීමත් සමග පළාත් මායිම් පසුකර ගමන් කිරීමට පැමිණි රථ වාහන සහ පුද්ගලයින් දැඩි පරික්ෂාවට ලක් කෙරුණා. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මාර්ග බාධක 158 ක් යෙදා තිබෙනවා.

    පොලිසිය සඳහන් කළේ අද උදේ 6.00 න් අවසන් වූ පැය 24 තුළ පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි වාහන 6,505 ක් සහ පුද්ගලයින් 15,131 ක් පරික්ෂා කළ බවයි. අවසර නොමැතිව පළාත් හරහා ගමන් කිරීමට පැමිණි වාහන 749 ක් හරවා යවා තිබෙනවා. පුද්ගලයින් 323 දෙනෙකුට දැඩි ලෙස අවවාද කෙරුණා.

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 20:23

    Latest News