කොවිඩ් මරණ සහ ආසාදිතයන් අඩු වුවද, අවදානම පහව ගොස් නැහැ; මහාචාර්ය ජයසුමන...(වීඩියෝ)

ඔක් 10, 2021
  • කොවිඩ් මරණ සහ ආසාදිතයන් අඩු වුවද, අවදානම පහව ගොස් නැතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එබැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ක්‍රියාකිරීම අනිවාර්ය බව ඔහු කියා සිටී. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා දෙකෝටි හැත්තෑ ලක්‍ෂ 58,302ක් ලබා දී තිබේ. පළමු මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව එක්කෝටි 46 ලක්‍ෂ 98,140ක්. එක්කෝටි 23 ලක්‍ෂ 60,162කට මාත්‍රා දෙකම ලබාදී අවසන්. ඊයේ ලබාදුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් ලක්‍ෂ 17,587ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 726 දෙනෙකු ඊයේ හඳුනා ගැණින. දැනට ප්‍රතිකාර ලබන පිරිස 32,738ක්. 447 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස හාර ලක්‍ෂ 79,629ක්.

    Last modified on ඉරිදා, 10 ඔක්තෝබර් 2021 13:36

    Latest News