ඇල්ලවල දියඇල්ලේ ගිලී පුද්ගලයෙකු මරුට

ඔක් 08, 2021

    වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබේ.

    ඊයේ පස්වරුවේ දී තවත් මිතුරන් තිදෙනකු සමග මියගිය තරුණයා දිය නෑම සඳහා දිය ඇල්ල වෙත ගොස් ඇත.

    එහිදී ඔහු එක්වරම ගලක් සහිත ප්‍රදේශයක ජලය තුල සිරවී ඇති අතර ඔහුගේ මල සිරුර අද (8) උදෑසන වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ මාගොඩ කදාන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 38ක් වන අදුන් ප්‍රිය හෙට්ටිආරච්චි නැමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

    මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් විමර්ශන සිදු කරයි.

    Last modified on සිකුරාදා, 08 ඔක්තෝබර් 2021 11:57

    Latest News